ඇමරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාස 18කට ආසන්න කාලයක් එම තනතුරේ කටයුතු කළ ඔහු, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමඟ පැවති දීර්ඝකාලීන මතභේදයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
වයස අවුරුදු 41ක් වන ඩ්‍රිස්කෝල්, ඇමරිකානු ඉතිහාසයේ යුද ලේකම් ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තාගත වේ. යුද කටයුතු සඳහා නවීන තාක්ෂණය සහ ඩ්‍රෝන් යානා භාවිත කිරීම කෙරෙහි ඔහු දැක්වූ විශේෂ උනන්දුව නිසා ඔහු ‘ට්‍රම්ප්ගේ ඩ්‍රෝන් විශේෂඥයා’ ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
2007 වසරේදී ඇමරිකානු යුද හමුදාවට එක් වූ ඩ්‍රිස්කෝල්, 2009 වසරේදී ඉරාකයේ ද සේවය කර තිබේ. හමුදා නිලධාරියෙකු ලෙස ලද අත්දැකීම් සමඟින් ඔහු යුද ලේකම් ධුරයේ විශාල වෙනසක් සිදු කිරීමට උත්සාහ කළ අයෙකි.
ඔහුගේ ඉල්ලා අස්වීම ඇමරිකානු ආරක්ෂක අංශ තුළ සිදුවන සැලකිය යුතු වෙනසක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව ධවල මන්දිරයෙන් හෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල වශයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර