ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට ළඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ඉන් පළමු නෞකාව හෙට (04) දිනයේදීත්, දෙවන නෞකාව මෙම මස 12 වන දිනත් දිවයිනට ළඟා වීමට නියමිතය.
අදාළ නෞකාවලින් ගොඩබෑමට නියමිත ගල් අඟුරු තොග භාවිතයෙන් විදුලි උත්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ගල් අඟුරු භාවිතයෙන් සිදු කෙරෙන විදුලි උත්පාදනය යම් මට්ටමකින් සීමා වුවද, ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් පරිදි සිදු කෙරෙන බැවින් විදුලි සැපයුමට බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා වී ඇති බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ, ගල් අඟුරු හිඟය හේතුවෙන් විදුලි උත්පාදනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර