තම හිටපු බිරිඳගේ පෞද්ගලික සහ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කිනිගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විසින් මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ නීත්‍යානුකූලව වෙන්වූ තම හිටපු බිරිඳ ඉලක්ක කර ගනිමිනි.

මහනුවර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබූ පරිගණක උපාංග සහ ජංගම දුරකථන ද පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මහනුවර උප අංශය විසින් සිදු කරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version