නෝර්වේ රාජ්‍යයේ නව රජු ලෙස අටවන හකෝන් රජු සිංහාසනයට පත්වීමෙන් පසු පළමු වරට ජාතිය අමතමින් සිය පියා වූ අභාවප්‍රාප්ත පස්වන හැරල්ඩ් රජු සිහිපත් කරමින් සංවේදී අදහස් පළ කළේය. 89 වැනි වියේ පසුවූ පස්වන හැරල්ඩ් රජු පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව, 53 හැවිරිදි හකෝන් රජු මෙම ප්‍රකාශය සිදු කළේය.
තම පියා සැමවිටම වගකීම් සහ වටිනාකම්වලට ගරු කළ පුද්ගලයෙකු බව නව රජු සිහිපත් කළේය. පවුලේ සාමාජිකයන් සෑමවිටම තමන්ගේම අනන්‍යතාවක් සොයාගෙන ස්වාධීනව කටයුතු කළ යුතු බව පියා නිරන්තරයෙන් අවධාරණය කළ බවද හකෝන් රජු පැවසීය. “දැන් මගේ වාරයයි” යනුවෙන් පවසමින් ඔහු තමන් මත පැවරී ඇති නව රාජකීය වගකීම භාර ගත්තේය.
රාජකීය මාලිගය ඉදිරිපිටට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව සිය ශෝකය ප්‍රකාශ කරමින් මල් සහ ඉටිපන්දම් තබමින් උපහාර දැක්වීම තමන්ට විශාල ශක්තියක් වූ බව රජු සඳහන් කළේය. පස්වන හැරල්ඩ් රජුගේ අභාවය වෙනුවෙන් නෝර්වේ පුරා ජාතික කොඩි අඩකුඹු කර ශෝකය පළ කර තිබුණි.
පස්වන හැරල්ඩ් රජුගේ අවමංගල්‍ය උත්සවය පිළිබඳ දින වකවානු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, රට තුළ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. නව රජු සිය පාලන කාලය සඳහා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පක්ෂපාතීත්වයේ දිවුරුම ලබා දීමට නියමිතය.
