බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 74 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ‘කොස් මල්ලි’ නැමැත්තාගේ මුදල් අයකැමිවරයා ලෙස කටයුතු කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version