රුසියාවේ විශාලතම කුලී ගුවන් සේවා සමාගමක් වන Azur Air, මෙරට සංචාරක කර්මාන්තය ඉලක්ක කරමින් යළි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වේ.

වාර්තා වන පරිදි, 2026/2027 ශීත ඍතු කාලසීමාව තුළ රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, එළඹෙන නොවැම්බර් මස 02 වැනිදා සිට රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් යළි ක්‍රියාත්මක වනු ඇත.

මෙම ගුවන් සේවය යළි ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහ රුසියානු සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නැංවීමට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version