රථවාහන දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම සඳහා හඳුන්වා දී ඇති ‘GOV PAY’ ක්‍රමවේදය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් හරහා මූල්‍ය වංචා රැසක් සිදුවන බව පොලිසිය අනාවරණය කරයි.

මෙම ජාවාරම්කරුවන් ව්‍යාජ වෙබ් අඩවියක සබැඳි කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ මගින් ජංගම දුරකථන වෙත යොමු කරමින් ජනතාවගේ මුදල් සහ පුද්ගලික දත්ත සොරකම් කිරීමට උත්සාහ දරයි.

රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසන්නේ, GOV PAY හරහා ගෙවීම් සිදු කිරීම සඳහා වෙනත් කිසිදු වෙබ් අඩවියක් නොමැති බවයි. එබැවින් මෙවැනි ව්‍යාජ පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් මෙම ක්‍රමවේදය අවභාවිත කරමින් සිදුවන මෙම වංචනික ක්‍රියාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version