බියගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමට ජපන් – ශ්‍රී ලංකා ප්‍රවර්ධන සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම පරිත්‍යාගය සිදු කෙරුණේ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මැදිහත්වීම මතය. මීට පෙර අමාත්‍යවරයා සහ ජපන් – ශ්‍රී ලංකා ප්‍රවර්ධන සංවිධානයේ නියෝජිතයින් වන හරදා කට්සුමි සහ මෝරි හරියුකි යන මහත්වරුන් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එම සංචාරයේදී රෝහලේ රසායනාගාර ගොඩනැගිල්ල සහ රෝගී පරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහලේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක්ව පැවති වායු සමීකරණ යන්ත්‍ර දෙකක් පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස රෝහල් බලධාරීන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ මහතා ඇතුළු පිරිස සහ බියගම ග්‍රාමීය රෝහල් සංවර්ධන කමිටුව මූලික සම්බන්ධීකරණ කටයුතු සිදු කළහ. රෝහල් පරිපාලනය විසින් මෙම පරිත්‍යාගය ලබා දුන් සියලුම පාර්ශවයන් වෙත සිය ස්තුතිය පුද කර සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version