මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය සැළකිල්ලට ගනිමින්, FitsAir ගුවන් සමාගම සිය කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බව එම සමාගම නිවේදනය කරයි.
කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන බව පවසන FitsAir, යළිත් ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා 2026 නොවැම්බර් මස 19 වන දින අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.
