එල් නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක 8ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක වෙසෙන පවුල් 47,368කට අයත් පුද්ගලයින් 154,167 දෙනෙකු මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත.

මෙම තත්ත්වය හමුවේ පැන නැගී ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක පවුල් 40,945ක පුද්ගලයින් 132,748 දෙනෙකු වෙත මේ වන විට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත.

වැඩිම බලපෑමක් එල්ල වී ඇති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 13,139ක පුද්ගලයින් 42,429 දෙනෙකුට ජලය ලබා දීමට කටයුතු කර ඇත. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 11,142ක පුද්ගලයින් 33,394 දෙනෙකුට සහ අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 3,794ක පුද්ගලයින් 12,047 දෙනෙකුට පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version