පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී අද (10) අලුයම බස් රථයක් අනතුරට ලක්ව ඇත.

මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇළකට පෙරළී ගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් 22 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මින්නේරිය පොලීසිය පවසන්නේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. මෙම ප්‍රදේශය නිතර අනතුරු සිදුවන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version