මෙරට නාගරික ප්‍රවාහන ජාලය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, නවතම මෙට්‍රො බස් ඩිපෝව ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී අද (09) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නව ඩිපෝව මූලික කරගනිමින් මෙට්‍රො බස් රථ 20ක් අලුතින් ධාවනයට එක් කිරීමට නියමිතව ඇත. ඒකල සිට තලංගම දක්වා කිලෝමීටර් 29.9ක දුරක් ආවරණය වන පරිදි මෙම බස් සේවාව ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා බස් නැවතුම් 21ක් ස්ථාපිත කර තිබේ.
නව මාර්ගය ඔස්සේ රාජගිරිය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල සහ ජා-ඇල ඇතුළු ප්‍රදේශ රැසක මගීන්ට පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව උදාවේ. මෙම ව්‍යාපෘතිය මගින් නාගරික ප්‍රවාහන තදබදය අවම කරමින් මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අපේක්ෂිතය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. දැනට ක්‍රියාත්මක මාර්ග දෙකකට අමතරව තවත් නව මාර්ග පහක් හඳුන්වා දී ඇති අතර, මේ මස සිට සමස්ත මාර්ග හතක මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක වනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර