හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අද (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ මීට පෙර සිදුවූ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමේ අරමුණෙනි.

අදාළ විමර්ශන කටයුතු සඳහා සහාය ලබා දීම වෙනුවෙන් අද පෙරවරු 9.30ට එම කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය මත ඉදිරි පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version