නෝර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (9) දිනයේ නෝර්වුඩ් පොලිස් වසමේ පොට්ටු ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 30 ත් අතර වයස්වල පසුවන නෝර්වුඩ් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
