ඇමෙරිකානු ජාතික ප්‍රකට ගායකයෙකු, ගීත රචකයෙකු සහ ’98 ඩිග්‍රීස්’ (98 Degrees) සංගීත කණ්ඩායමේ නිර්මාතෘ ජෙෆ් ටිමන්ස් මහතා පසුගියදා දිවයිනට පැමිණියේය.
ඔහු මෙරටට පැමිණියේ එළඹෙන 13 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වීමට නියමිත විශේෂ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සඳහාය. ඔහුගේ පුත්‍රයාද මෙම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයකි.
මෙම සංගීත ප්‍රසංගය හරහා ලැබෙන සමස්ත ආදායම ශ්‍රී ලංකාවේ මානසික ආබාධවලින් පෙළෙන දරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නියමිත බව වාර්තා වේ.
කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්.- 654 දරන ගුවන් යානයෙන් දෝහා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණි අතර, එහිදී ඔවුන්ව පිළිගැනීම සඳහා පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර