තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණි පුද්ගලයෙකු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තම ඇඳුමේ සඟවාගෙන ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කර තිබේ.

සැකකරුගේ ඇඳුමේ සාක්කු තුළ සඟවා තිබූ ග්‍රෑම් 668ක බරින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය ගුලි තුනක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මෙහි වටිනාකම රුපියල් හැටහය ලක්ෂ අසූ දහසක් පමණ වන බව රේගුව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version