එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම (MINUSCA) යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය සිය 12 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 09 වන දින සමරනු ලැබීය. 2014 වසරේදී ආරම්භ වූ මෙම මෙහෙයුම හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාත්‍යන්තර සාමය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.

පසුගිය දොළොස් වසරක කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් ගුවන් පැය 15,700කට අධික කාලයක් මෙහෙයුම් කටයුතු සඳහා වැය කර ඇත. හදිසි වෛද්‍ය ගුවන් ගමන් (MEDEVAC), සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අභියෝගාත්මක කාර්යයන් රැසක් ඔවුන් විසින් සාර්ථකව ඉටු කර තිබේ.

මෙම සංවත්සරයට සමගාමීව බ්‍රියා ප්‍රාදේශීය රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ සුහද ක්‍රිකට් තරගයක් ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර තිබුණි. මෙම මෙහෙයුම් හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 140කට අධික විදේශ විනිමය ආදායමක් ද හිමිව ඇති බව වාර්තා වේ.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කණ්ඩායම් නායකයින් සහ සාමාජිකයින් රැසක් සහභාගී වූ අතර, ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම එක්සත් ජාතීන්ගේ ඉහළ නායකත්වයේ ඇගයීමට ද ලක්ව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version