කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (13) පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 183ක් රැස් කළේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 59ක් ලබා ගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චමරි අතපත්තු, මිතලි අයෝධ්‍යා සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 36ක් රැස් කළාය.
ඉන්දීය පන්දු යවන්නියන් දක්ෂ ලෙස පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකාරිනියන් පාලනය කළ අතර, එහිදී ශ්‍රී චරනි කඩුලු 04ක් දවා ගනිමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළාය.
