රට තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛ ගහනය නිසි ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.
මෙම නව පනත් කෙටුම්පත යටතේ, සති හයකට වැඩි වයසැති සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනය තුළ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ලියාපදිංචිය සිදු නොකරන හිමිකරුවන් සඳහා රුපියල් 2,000ක දඩ මුදලක් අය කිරීමට නියමිතය.
එමෙන්ම, ලියාපදිංචි වීමේදී සුනඛයාට ජලභීතිකා එන්නත ලබා දී ඇති බව තහවුරු කිරීම අනිවාර්ය කොන්දේසියකි. එන්නත් සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසු නියමිත ගාස්තුව ගෙවා ලියාපදිංචි සහතිකය ලබා ගත යුතුය.
පළාත් පාලන ආයතනවලට තම බල ප්‍රදේශය තුළ සිටින වීදි සුනඛයින් වඳභාවයට පත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මෙම පනතින් අනිවාර්ය කර ඇත.
වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නන් ද ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. බලපත්‍රයක් නොමැතිව සුනඛ පැටවුන් අලෙවි කිරීම තහනම් කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර