සිරිලිය සවිය ගිණුමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාගයක් ලෙස ලබාගෙන එම මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම මුදල් ලබාගෙන ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා ඇතත්, එම කාර්යය නිසි ලෙස ඉටු වී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රිජ්වේ ආර්යා ළමා රෝහලට ලැබී ඇත්තේ චීන රජයෙන් ලබාදුන් වෙනත් ස්කෑන් යන්ත්‍රයක් බවත්, බැංකුවෙන් ලබාගත් මුදල් එම කාර්යයට යොදවා නොමැති බවත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බැංකු බලධාරීන්ගෙන් සහ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් දැනටමත් ප්‍රශ්න කර ඇති අතර, අදාළ මුදල මරදාන ප්‍රදේශයේ බැංකු ගිණුමකට බැර කර ඇති බවද තහවුරු වී ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම ගිණුම සම්බන්ධයෙන් මීට පෙරද ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න කර තිබුණි. කෙසේ වෙතත්, වර්තමානයේ ඇය රෝගාතුරව සිටින බැවින් ඉදිරි විමර්ශන කටයුතු ඇය සුවය ලබන තෙක් කල් දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර