හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී පැවති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.

ලොව ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගයේදී ඔහු මීටර් 91.09ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

සිය මව්බිමට ගෞරවයක් එක් කරමින් ජයග්‍රාහී ලෙස තරගාවලිය නිමා කළ රුමේෂ් තරංග අද (15) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණියේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version