බන්ධනාගාරය තුළ රඳවා සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරකට්ටා’ සහ මන්තිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඊයේ (22) දින හදිසි ගැටුමක් ඇති වී තිබේ.

මෙම ගැටුම හේතුවෙන් ‘කෙහෙල්බද්දර පද්මේ’ සුළු තුවාල ලබා ඇති අතර, ඔහු වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version