2019 වසරේ මෙරට සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව චෝදනා ලැබූ 15 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම පිරිසට එරෙහිව ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, සහාය ලබා දීම සහ අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ නඩු පවරා තිබුණි.

අධිකරණ තීන්දුවට අනුව, විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින් ද, තවත් පස් දෙනෙකුට වසර 220 බැගින් ද සිරදඬුවම් නියම විය. මීට අමතරව තවත් සිව් දෙනෙකුට වසර 240 බැගින් ද, එක් අයෙකුට වසර 260ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද නියම කෙරිණි.

සිරදඬුවම්වලට අමතරව, වරදකරුවන් වූ මෙම 15 දෙනාට අයත් සියලුම චංචල සහ නිශ්චල දේපළ රජයට පවරා ගන්නා ලෙස ද විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version