යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද බුද්ධි තොරතුරක් මත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

පසුගිය 21 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී සිදුකළ මෙම ඒකාබද්ධ වැටලීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ලියාපදිංචි නොකර භාවිත කළ අධි බලැති යතුරුපැදි තුනක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදිවල වටිනාකම රුපියල් මිලියන 13.5ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සහ අත්අඩංගුවට ගත් යතුරුපැදි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොච්චිකඩේ පොලීසිය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version