ගාල්ල වීරපාන කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

දකුණු පළාතේ පවතින සුවිශේෂී භූගෝලීය හා දේශගුණික තත්ත්වයන් උපයෝගී කරගනිමින් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. වෙරළ තීරයන්, වනාන්තර සහ ජෛව විවිධත්වයෙන් පොහොසත් මෙම කලාපය වාණිජ භෝග වගාව සඳහා ඉතා යෝග්‍ය වේ.

මෙම උද්‍යානය හරහා මෙරට සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජීවන රටාව පිළිබඳව සංචාරකයන්ට ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, ගොවි ප්‍රජාවට සහ තරුණ පරපුරට නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ පුහුණුව ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙස මෙය ඉදිරියේදී සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version