නාගරික ප්රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ලංකා මෙට්රෝ ට්රාන්සිට් (පුද්.) සමාගම විසින් නව සේවකයින් 35 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇත. ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය ඊයේ (22) බත්තරමුල්ල සුහුරුපාය පරිශ්රයේදී පැවැත්විණි.
ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරිණි. නව බඳවා ගැනීම් අතරට මෙට්රෝ බස් රථ රියදුරන් 14 දෙනෙකු, කොන්දොස්තරවරුන් 18 දෙනෙකු, සුපරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ විදුලි කාර්මික ශිල්පියෙකු අයත් වේ.
මෙම නව සේවකයින් අලුතින් ස්ථාපිත කර ඇති මෙට්රෝ ඩිපෝ මූලික කරගනිමින් ක්රියාත්මක මෙට්රෝ මාර්ග හතක සේවය සඳහා අනුයුක්ත කිරීමට නියමිතය. නාගරික ප්රවාහන ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව බලධාරීන් පවසයි.
මෙම අවස්ථාව සඳහා ලංකා මෙට්රෝ ට්රාන්සිට් සමාගමේ සභාපති ඉංජිනේරු යූ.පී. තිලකරත්න, ප්රධාන විධායක නිලධාරි ඉංජිනේරු බී.එම්. පියතිලක ඇතුළු අමාත්යාංශ නිලධාරීන් පිරිසක් සහ සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර