හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී සැකකරු ඔක්තෝබර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

රාජ්‍ය ආයතන දෙකක එකවර සේවය කරමින් වැටුප් ලබා ගැනීම හරහා රුපියල් කෝටි 22කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version