අධිකරණ සේවා කොමිෂන් සභාවේ “e-Courts” ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කෙරෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ මූලික පියවරක් ලෙස, කොළඹ 07, අතිරේක දිසා අධිකරණයේ (සුළු හිමිකම්) විද්යුත් නඩු ගොනු කිරීමේ පද්ධතිය හඳුන්වා දී තිබේ. මෙම නවීන පද්ධතිය අගවිනිසුරු ප්රීති පද්මන් සුරසේන මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කරන ලදී.
මෙම ව්යාපෘතිය මගින් සාම්ප්රදායික කඩදාසි මත පදනම් වූ නඩු ගොනු කිරීමේ ක්රියාවලිය නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ඩිජිටල් ක්රමවේදයක් බවට පරිවර්තනය කෙරේ. ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික සහයෝගය ඇතිව ක්රියාත්මක මෙම පද්ධතිය හරහා නීතිඥවරුන්ට සහ නඩු පාර්ශ්වකරුවන්ට දවසේ ඕනෑම වේලාවක (පැය 24 පුරා) නඩු ලේඛන අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ.
කොළඹ දිසා අධිකරණයේ නිල වෙබ් අඩවිය (https://colombo.districtcourt.lk/) හරහා ලියාපදිංචි නීතිඥවරුන්ට සිය පරිශීලක ගිණුම් ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකිය. මෙම පද්ධතියේ සමාරම්භය සනිටුහන් කරමින් ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥ ගුණවර්ධන මහත්මිය විසින් පළමු විද්යුත් නඩු ගොනුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම ඩිජිටල්කරණය හේතුවෙන් අධිකරණ කටයුතු සඳහා භෞතිකව පැමිණීමේ අවශ්යතාව අවම වීම, කඩදාසි භාවිතය අඩු වීම සහ නඩු වාර්තා ගබඩා කිරීමේ ගැටලු විසඳීම වැනි වාසි රැසක් අපේක්ෂා කෙරේ. ඉදිරියේදී මෙම පහසුකම දිවයිනේ අනෙකුත් සියලුම දිසා අධිකරණ වෙත අදියරෙන් අදියර ව්යාප්ත කිරීමට නියමිතය.
අධිකරණ සේවා කොමිෂන් සභාව තවදුරටත් සඳහන් කරන්නේ, නඩු කටයුතු සඳහා හඬ මඟින් යතුරු ලියනය කිරීමේ (Voice typing) පහසුකම සහ මාර්ගගතව සහතික පිටපත් නිකුත් කිරීමේ ක්රමවේදයන් ද නුදුරේදීම හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර