ලෝක ප්‍රකට පොප් තරුවක් වන මැඩෝනා, 68 වැනි වියේ පසුවුවද තවමත් වේදිකාවන්හි අතිශය ජවයකින් යුතුව ප්‍රසංග පවත්වමින් ලොව පුරා රසිකයින් මවිතයට පත් කරමින් සිටී. ඇයගේ මෙම කාර්යබහුල ජීවන රටාව සහ සුපිරි පෙනුම පිටුපස ඇති රහස පිළිබඳව බොහෝ දෙනා කාලයක සිට විමසිලිමත් වෙති.
වාර්තා වන පරිදි, ඇය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජපානයේ සම්ප්‍රදායික ‘මැක්රෝබයොටික්’ (Macrobiotic) ආහාර රටාව අනුගමනය කරයි. මෙම ක්‍රමය හුදෙක් ආහාර ලැයිස්තුවක් පමණක් නොව, ජපන් දාර්ශනික අදහස් මත පදනම් වූ ජීවන රටාවකි. මෙහිදී දුඹුරු සහල්, ක්විනෝවා, බ්රොකොලි, කේල්, වට්ටක්කා සහ විවිධ ඇට වර්ග ඇතුළු පෝෂ්‍යදායී ආහාරවලට ප්‍රමුඛත්වය ලබා දෙයි.
මැඩෝනාගේ දෛනික ආහාර වේල ඉතා සරල වන අතර, ඇය ප්‍රධාන ආහාර වේල් කිහිපයක් වෙනුවට දිනකට කුඩා ආහාර වේල් පහක් හෝ හයක් ගැනීමට පුරුදුව සිටී. විශේෂයෙන්ම සැමන් මාළු ඇයගේ ප්‍රියතම ආහාරයක් වන අතර, උදෑසන ආරම්භයේදී කොමඩු යුෂ, ඉඟුරු තේ සහ පොල් වතුර වැනි පානයන් ඇය නිතර භාවිත කරයි.
ඇයගේ ආහාර රටාවේ දැඩිම කොටස වන්නේ මස්, කිරි ආහාර, සීනි, කැෆේන් සහ සැකසූ ආහාර සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමයි. පාන් සහ පැස්ටා වැනි ආහාර ද ඇයගේ ආහාර වේල තුළ ඉතා සීමිතය. කෙසේ වෙතත්, ඉතා කලාතුරකින් ස්ට්‍රෝබෙරි ජෑම් සමඟ ටෝස්ට් එකක් වැනි ආහාරයක් රස විඳීමට ඇය මැලි නොවන්නීය.
තම ශරීරයේ ශක්තිය පවත්වා ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ මෙම විනයගරුක ආහාර රටාව අනුගමනය කිරීම ඇයගේ සාර්ථකත්වයේ රහස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර