ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය සාමාජිකයන්ගේ මීළඟ තීරණය ලැබෙන තෙක් විවාහ මංගල්ය, පෞද්ගලික සාද සහ DJ සංගීත වැඩසටහන් සඳහා බලපත්ර ලබාගැනීමේ අනිවාර්ය අවශ්යතාවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ අදාළ බලපත්ර ක්රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ජාත්යන්තර අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන පසුබිමක් තුළය. ඒ අනුව, ඉදිරියේදී පැවැත්වෙන සංගමයේ මහා සභා රැස්වීමේදී මෙම බලපත්ර ක්රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
සංගමය පෙන්වා දෙන්නේ, බලපත්ර ක්රමවේදයේ ස්ථිර වෙනසක් සිදුකිරීමට නම් සාමාජිකයන්ගේ තුනෙන් දෙකක අනුමැතිය අනිවාර්ය බවයි. පරිපාලන මණ්ඩලයට පමණක් මෙවැනි තීරණයක් ස්වාධීනව ගත නොහැකි බවද ඔවුන් අවධාරණය කරයි.
තවද, මෙම සංගීත බලපත්ර ක්රමවේදය අදාළ වන්නේ ස්ථානවල සහ උත්සවවල සිදුවන වාණිජමය සංගීත භාවිතයන් සඳහා පමණක් බවත්, නිවෙස්වල පවත්වනු ලබන පෞද්ගලික උත්සව සඳහා එය කිසිසේත්ම අදාළ නොවන බවත් සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
