ශ්රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ඩිජිටල් අධ්යාපන යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව දිවයින පුරා පාසල් 3,700ක් ඉලක්ක කරගනිමින් අධිවේගී ෆයිබර් (Fiber Optic) අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරේ.
මෙම ව්යාපෘතියේ ප්රගතිය සම්බන්ධයෙන් වාර්තා වන්නේ මේ වන විටත් පාසල් 2,200ක් සඳහා අදාළ අන්තර්ජාල සබඳතා සාර්ථකව ලබාදී අවසන් බවයි.
ඉතිරි පාසල් 1,564 සඳහා ද කඩිනමින් මෙම නවීන අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්ය සියලු කටයුතු සූදානම් කර ඇති බව බලධාරීන් පවසයි.
මෙම ව්යාපෘතිය හරහා පාසල් සිසුන්ගේ අධ්යාපන කටයුතු සඳහා අවශ්ය ඩිජිටල් පහසුකම් පුළුල් කිරීම සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර