නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘යක්කල නාමල්’ නමැත්තාගේ ජාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ප්රධාන සැකකරු 38 හැවිරිදි අයෙකු වන අතර ඔහු කුලී ත්රීරෝද රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇත. කොළඹින් මත්ද්රව්ය රැගෙනවිත් නාවලපිටිය, ගිනිගත්හේන සහ ගම්පොළ ඇතුළු ප්රදේශවලට බෙදාහැරීම මොහුගේ කාර්යය වී තිබේ.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලිග්රෑම් 2450ක් සොයාගෙන ඇත. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ප්රදේශයේ ප්රධාන මත්ද්රව්ය බෙදාහරින්නා අත්අඩංගුවට පත්වීමෙන් පසු මොහු දින තුනකට වරක් කොළඹින් මත්ද්රව්ය රැගෙන විත් ඇති බවයි.
මෙම ජාවාරම සඳහා සැකකරු ජංගම දුරකථන තාක්ෂණය භාවිත කර ඇති අතර, සාමාන්ය කුලී ගාස්තුවට අමතරව එක් ගමන් වාරයකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් අය කර තිබේ.
ප්රධාන සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, ඔහුට සහාය වූ 27 හැවිරිදි තරුණයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු නාවලපිටිය ප්රදේශයේ වෙළඳසැලක සහායකයෙකු ලෙස සේවය කරන්නෙකි. නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර