විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම අරමුණු කරගත් නව රෙගුලාසි සහ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත. පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස් විය.
2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය මෙහිදී දැඩි ලෙස සමාලෝචනයට ලක් කෙරිණි. ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දී තිබේ.
දේශීය නේවාසිකයන් විසින් විදේශයන්හි සිදු කරනු ලබන ආයෝජන, විගාමිකයන්ගේ වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේ ක්රමවේද සහ පවතින සීමාවන් පිළිබඳව කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ මෙම තාවකාලික සීමාවන් ඉදිරියේදී ක්රමානුකූලව ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
එමෙන්ම, ව්යාපාරිකයන්ට ජාත්යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්ය පහසුකම් සැලසීමේ වැදගත්කම මෙන්ම විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්යතාව ද මන්ත්රීවරුන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර