ආරක්ෂක අමාත්යංශයේ නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල, රණවිරු සේවා අරමුදල සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බැලීම මෙහි ප්රධාන අරමුණ විය. ත්රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්රියාත්මක වන සුබසාධන වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි අපේක්ෂාවයි.
මෙම ඒකාබද්ධ කිරීමේදී මතු විය හැකි මූල්ය, නීතිමය සහ පරිපාලනමය කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමේ අවශ්යතාව ද අවධාරණය විය.
එමෙන්ම, හමුදා සාමාජිකයින් මූල්ය ආයතනවලින් ලබාගෙන ඇති ණය පියවා ගැනීම සඳහා මූල්ය සහන ලබා දීමේ ක්රමවේදයන් පිළිබඳව ද මූලික සාකච්ඡා පවත්වා ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා ඇතුළු රණවිරු සේවා අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර