කිර්ගිස්ථානයේ පැවති 13 වන ලෝක ස්ට්රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්රී ලංකා ගුවන් හමුදා ක්රීඩක කෝප්රල් දුලිත් දසනායක මහතා සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම තරගාවලියේ කිලෝග්රෑම් 95ට අඩු බර පන්තියේ හැක් ලිෆ්ට් ඉසව්වට එක්වූ ඔහු, කිලෝග්රෑම් 260ක බරක් සාර්ථකව ඔසවමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. පසුගිය සැප්තැම්බර් 07 සිට 11 දක්වා මෙම තරගාවලිය පැවැත්විණි.
ඔහුගේ මෙම ජයග්රහණය ශ්රී ලංකාවට සහ ගුවන් හමුදාවට ජාත්යන්තර කීර්තියක් අත්කර දුන් අතර, එම දක්ෂතා ඇගයීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් මෙම උසස්වීම ලබා දී ඇත.
ඊට අමතරව, සැරයන් දුලිත් දසනායක මහතා වෙත විශේෂ මූල්ය ත්යාගයක්ද පිරිනැමීම සිදු විය. මෙම ඇගයීම් උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වුණි.
