මුතුරාජවෙල සිට කටුනායක දක්වා කිලෝමීටර් 21ක දිගකින් යුත් නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ස්ථාපනය කිරීමේ ව්යාපෘතිය අද (02) ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය. මෙම ව්යාපෘතියට සමගාමීව ඝන මීටර් 40,000ක ධාරිතාවකින් යුත් නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමේ කටයුතු ද අද දින ආරම්භ කෙරේ.
මෙම ව්යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40.84ක් සහ ශ්රී ලංකා රුපියල් මිලියන 8,548.75ක මුදලක් වැය කිරීමට පසුගියදා පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
මෙම නල මාර්ගය ස්ථාපනය කිරීම තුළින් කිසිදු බාධාවකින් තොරව සහ ආරක්ෂිතව ගුවන් තොටුපළ වෙත ඉන්ධන සැපයීමට අවස්ථාව සැලසේ. එමෙන්ම මෙහෙයුම් පිරිවැය අවම කර ගනිමින් අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වා ගැනීමට ද මෙය ඉවහල් වනු ඇත.
ගුවන් තොටුපළ තුළ ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව පුළුල් වීමත් සමඟ ජාත්යන්තර ගුවන් සේවා ක්ෂේත්රය තුළ කටුනායක ගුවන් තොටුපළේ විශ්වාසනීයත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලශක්ති අමාත්යාංශය අපේක්ෂා කරයි.
