ආනයනික වාහන ටයර්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත. මගී මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන වායුමය ටයර් මෙම නව නීති රීතිවලට යටත් වේ.

ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ මෙම රෙගුලාසි නිකුත් කර ඇත. ඒ අනුව, 2026 ඔක්තෝබර් 1 වන දින නිකුත් කරන ලද අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මීට පෙර පැවති රෙගුලාසි සංශෝධනය කර තිබේ.

නව රෙගුලාසිවලට අනුව, මගී මෝටර් රථ සඳහා වන ටයර් (HS Code 4011.10.90) SLS 1212 ප්‍රමිතියට අනුකූල විය යුතු අතර, ත්‍රිරෝද රථ සඳහා වන වායුමය ටයර් (HS Code 4011.90.10) SLS 1347 ප්‍රමිතියට අනුකූල විය යුතුය.

මෙම නව නීති රීති 2027 ජනවාරි 1 වන දින හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන්තොටුපළකට පැමිණෙන භාණ්ඩ සඳහා අනිවාර්යයෙන්ම බලපැවැත්වෙනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version