සෞදි අරාබියේ මක්කම පිහිටි ග්‍රෑන්ඩ් පල්ලියට ප්‍රහාරයක් එල්ල වූ බවට පසුගිය පැය කිහිපය තුළ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වාර්තා සෞදි බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශනයක මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන බවත්, එය මක්කම සිද්ධියක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත් සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සැබෑ සිදුවීම නම්, මක්කම නගරයේදී මගීන්ට හිරිහැර කරමින් මහජන භීතියක් ඇති කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමයි. මෙම සිද්ධිය සහ පල්ලියට ප්‍රහාරයක් එල්ල වූ බවට පැතිර යන කටකතා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව බලධාරීන් අවධාරණය කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, ඔහු මේ වන විට මහජන නඩු පවරන්නා වෙත යොමු කර ඇත. නිල මූලාශ්‍රවලින් තොරතුරු තහවුරු කර නොගෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version