අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 10,000ක් ලබා දීමේ ජාතික ව්‍යාපෘතියේ තවත් වැදගත් පියවරක් ලෙස, ඉදිකිරීම් අවසන් කළ නිවාස 5,000ක් හෙට දිනයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රජයේ මූල්‍ය ආධාර සහ මැදිහත්වීම මතය. ලෝක ජනාවාස දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පවතින සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවයි.

ඉතිහාසයේ මෙවැනි විශාල නිවාස සංඛ්‍යාවක් එකම දිනකදී ජනතා අයිතියට පත් කරන ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version