අම්පාර, අඩ්ඩාලයිචේනයි ගුරු විද්යාලයේ සේවය කරන කථිකාචාර්යවරයෙකු කාන්තා ගුරු සිසුවියන්ට ලිංගික හිරිහැර සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහු සිදුකරගෙන ගිය අසභ්ය ක්රියා පිළිබඳව ලද තොරතුරු මතය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු විසින් ගුරු සිසුවියන්ට අසභ්ය වීඩියෝ දර්ශන පෙන්වමින් මෙම හිරිහැර සිදුකර ඇති බවයි. අදාළ විෂයයන් සඳහා ලකුණු අඩු කිරීම හෝ අධීක්ෂණ කටයුතුවලදී පළිගැනීම්වලට ලක්වනු ඇතැයි යන බිය හේතුවෙන් සිසුවියන් මෙතෙක් මේ පිළිබඳව පැමිණිලි කිරීමට මැලි වී තිබේ.
අම්පාර කොට්ඨාස ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා වෙත ලැබුණු තොරතුරක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. ගුරු සිසුවියන්ගෙන් ලබාගත් ප්රකාශවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
අම්පාර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර