මඩකලපුව දිස්ත්රික්කයේ ප්රධානතම සෞඛ්ය මධ්යස්ථානය වන මඩකලපුව ශික්ෂණ රෝහල වෙත නවීන පහසුකම් සහිත සත් මහල් ගොඩනැගිල්ලක් එක්වී තිබේ.
මෙම ගොඩනැගිල්ල වකුගඩු රෝගීන් සඳහා ප්රතිකාර ලබාදෙන රුධිර කාන්දුකරණ ඒකකයකින් සමන්විත වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 550ක මුදලක් වැය කර ඇත.
මෙම නව ඒකකය විවෘත කිරීමත් සමඟ මඩකලපුව සහ අවට ප්රදේශවල වකුගඩු රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
රෝහල් පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම ව්යාපෘතිය ක්රියාත්මක කර තිබේ.
