ඉන්දියාවේ අරුණාචල් ප්රදේශයේ පැවති ‘සීරෝ මියුසික් ෆෙස්ටිවල් 2026’ (Ziro Festival of Music) සංගීත උළෙල සඳහා එක්වෙමින් ශ්රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා සිය දක්ෂතා ප්රදර්ශනය කළාය. එහිදී ඇය සිංහල භාෂාවෙන් ගීත ගායනා කරමින් ජාත්යන්තර වේදිකාවක අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට සමත් විය.
මෙම ප්රසංගයේ විශේෂත්වය වූයේ යොහානි සිය ජනප්රිය ගීතයක් වන ‘චුට්ටක් චුට්ටක්’ ගායනා කරන අවස්ථාවේදී, එම භාෂාව නොදන්නා විදේශීය රසිකයන් පවා ඇය සමඟ එක්ව ගීතයේ පද ගායනා කිරීමයි. එම අවස්ථාවේදී වේදිකාවේ පසුතලයේ ශ්රී ලංකා ජාතික ධජය ප්රදර්ශනය කර තිබීම ද විශේෂත්වයක් විය.
ප්රසංගය අවසානයේදී රසිකයන් ඇයගේ දෙවන ඇල්බමය වන ‘ආදරෙයි’ යන නම එක හඬින් පවසමින් ඇයව දිරිමත් කළහ. මෙම අත්දැකීම සිය වෘත්තීය ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් බව යොහානි පසුව මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
ලොව පුරා රටවල් රැසක කලාකරුවන් සහභාගී වූ මෙම ජාත්යන්තර සංගීත උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් යොහානි දැක්වූ දායකත්වය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලෝක අවධානය දිනාගත් ඇය, මේ වන විට තමන්ගේම නිර්මාණ සමඟ ජාත්යන්තර වේදිකාවල සාර්ථක ගමනක නිරතව සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර