බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු ෆ්ලේවියෝ බොල්සොනාරෝ සිය ප්‍රතිවාදීන් අභිබවා පෙරමුණ ගැනීමට සමත් වී තිබේ. ඔහුට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 47ක් ලෙස සටහන් වේ.

වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සියයට 45ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටී. කිසිදු අපේක්ෂකයෙකුට වලංගු ඡන්දවලින් සියයට 50ක සීමාව ඉක්මවා යාමට නොහැකි වීම නිසා ජනාධිපතිවරණය දෙවන වටයකට යොමු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන ෆ්ලේවියෝ බොල්සොනාරෝ, මැතිවරණයට පෙර පැවති මත විමසුම්වලට වඩා ඉහළ ප්‍රතිඵලයක් වාර්තා කිරීම දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්ව තිබේ.

මෙම තත්ත්වය හමුවේ ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ දෙවන වටය ජයග්‍රහණය කිරීම සඳහා නව මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි. දෙවන වටයේ ඡන්ද විමසීම ලබන 25 වන දින පැවැත්වීමට නියමිත අතර, එහිදී බොල්සොනාරෝ සහ ලූලා ද සිල්වා අතර තීරණාත්මක තරගයක් අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version