පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිදහස වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් විසින් දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර ඇත. රටේ වයඹ දිග ප්රදේශයෙන් ආරම්භ වූ මෙම විරෝධතා රැලිය මේ වන විට අගනුවර වන ඉස්ලාමාබාද් දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.
මෙම විරෝධතාව සඳහා පන්දහසකට අධික පිරිසක් එක්ව සිටින අතර, ඔවුන් ‘පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ පක්ෂයේ ධජයන් ප්රදර්ශනය කරමින් සිය විරෝධය පළ කරමින් සිටිති.
73 හැවිරිදි වියේ පසුවන හිටපු අගමැතිවරයාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් මෑත කාලයේදී විවිධ වාර්තා පළ විය. ඉම්රාන් ඛාන් සඳහා නිසි වෛද්ය ප්රතිකාර ලබා නොදෙන බවට ඔහුගේ ආධාරකරුවන් සහ පක්ෂ සාමාජිකයන් දිගින් දිගටම චෝදනා නගති.
තම නායකයා වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් පාකිස්තාන රජයට බල කර සිටී. රටේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක මෙම විරෝධතා පාගමන ඉස්ලාමාබාද් නගරය වෙත ළඟා වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර