ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 131ක් වෙනුවෙන් නව නිවාස ජනතා අයිතියට පත් කිරීම අද (05) සිදු කෙරිණි.

මෙම වැඩසටහන අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී නිම කරන ලද නිවාස නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත භාරදීම සිදු වූ අතර, අලුතින් නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය අඩු ආදායම්ලාභී පවුල් වෙත රුපියල් ලක්ෂ 10 බැගින් වූ චෙක්පත් ද පිරිනැමීමට පියවර ගැනුණි.

නුවරඑළිය හාවාඑළිය සහ කදපොළ ගල්පාලම යන ප්‍රදේශවල ඉදිකළ නිවාස කිහිපයක් සංකේතාත්මකව මෙහිදී භාරදීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version