මහත්මා ගාන්ධිතුමන්ගේ 157 වැනි ජන්ම සංවත්සරය සැමරීම සඳහා වූ උත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අහිංසාවාදයේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධිතුමන්ගේ ජීවිතය සහ දර්ශනය තුළින් ලොවට දායාද කළ සාමය, සහජීවනය සහ අහිංසාවාදී පණිවිඩය සිහිපත් කිරීම මෙම උත්සවයේ අරමුණ විය.
උත්සවයේදී අග්රාමාත්යවරිය සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මහත්මා ගාන්ධිතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
