සෑම පුරවැසියෙකුටම තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් හිමිකර ගැනීමට අවශ්ය ශක්තිය සහ මඟපෙන්වීම ලබාදීම රජයේ ප්රමුඛ ඉලක්කය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය. ලෝක ජනාවාස දිනයට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඇය මේ බව සඳහන් කළේය.
සාම්ප්රදායික ආධාර ලබාදීමේ ක්රමවේදයෙන් බැහැරව, ජනතාවගේ සහභාගීත්වයෙන් යුත් තිරසර නිවාස සංවර්ධන ක්රියාවලියක් රජය විසින් ආරම්භ කර ඇත. ඒ සඳහා මූලධර්ම නවයක් පදනම් කරගත් නව නිවාස ප්රතිපත්තියක් ක්රියාත්මක කෙරෙන අතර, නිවාස යනු හුදෙක් ගොඩනැගිල්ලක් නොව පුරවැසියෙකුගේ මූලික මානව අයිතිවාසිකමක් ලෙස රජය පිළිගන්නා බව අග්රාමාත්යවරිය අවධාරණය කළාය.
මෙම වැඩසටහන යටතේ දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි ‘ජනාවාස තෘප්තතා දර්ශකය’ (Habitat Satisfaction Index) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. පානීය ජලය, සනීපාරක්ෂාව, ආරක්ෂාව සහ පරිසර හිතකාමී බව යන සාධක මත පදනම්ව ජනාවාසවල ගුණාත්මකභාවය මැන බැලීම මෙහි අරමුණයි.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, 2026 වසරේ ආරම්භ කළ ව්යාපෘතිය යටතේ නිවාස 30,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. රජය මගින් ඉදිකරන නිවාස අතරමග නතර නොවී ජනතාවට ලබාදීම සහ එම ප්රදේශවලට අවශ්ය පාසල් හා සෞඛ්ය පහසුකම් සලසා දීම රජයේ වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සවයේදී අග්රාමාත්යවරිය විසින් නිවාස 5,000 වැනි නිවස විවෘත කිරීම සහ ප්රතිලාභීන් වෙත ඔප්පු ප්රදානය කිරීමද සිදු කෙරිණි. මීට අමතරව, ‘හරිත ජනාවාස අභියෝගය’ සහ පැළ මිලියනයක් සිටුවීමේ වැඩසටහන වැනි පරිසර හිතකාමී ව්යාපෘති රැසක්ද ක්රියාත්මක කිරීමට නියමිතය.
