කථානායක ආචාර්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පියවර ගෙන ඇත. මෙම යෝජනාව මේ සතිය තුළම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, කථානායකවරයා තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීම පවතින පරීක්ෂණ කටයුතුවලට බාධාවක් බවයි. කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් වැදගත් ලේඛන හෝ පොත්පත් පැහැරගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.
පරීක්ෂණ අවසන් වන තුරු කථානායකවරයා සිය ධුරයෙන් ඉවත් වී එම වගකීම වෙනත් අයෙකුට පැවරිය යුතු බව මන්ත්රීවරයා අවධාරණය කළේය. එසේ නොවුණහොත් ඉදිරියේදී තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
