ශ්රී ලංකාව සහ පාකිස්තානයේ බලූචිස්තාන පළාත අතර සෞඛ්ය ක්ෂේත්රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී පැවැත්විණි. බලූචිස්තාන පළාත් සෞඛ්ය අමාත්ය Bakht Muhammad Kakar මහතා සහ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
දෙරටේ සෞඛ්ය සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝග නිවාරණය සහ සෞඛ්ය ප්රවර්ධනය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු විය. විශේෂයෙන්ම සෞඛ්ය මානව සම්පත් සංවර්ධනය, නවීන වෛද්ය තාක්ෂණය සහ ඩිජිටල් සෞඛ්ය ක්රමවේදයන් හඳුන්වා දීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනිණි.
ශ්රී ලංකාවේ ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම, බෝ නොවන රෝග පාලනය සහ පාසල් ආපනශාලා සඳහා ක්රියාත්මක සෞඛ්ය මාර්ගෝපදේශ පිළිබඳවද බලූචිස්තාන දූත පිරිස දැනුවත් කෙරිණි. අත්දැකීම් හුවමාරු කර ගැනීම හරහා දෙරටේම ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් සැපයීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බලූචිස්තාන සෞඛ්ය අමාත්යවරයා ඇතුළු දූත පිරිස, ඉදිරියේදී ක්රියාත්මක කළ හැකි ඒකාබද්ධ සහයෝගීතා වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට දෙරටේ සෞඛ්ය ක්ෂේත්රයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් එක්ව සිටියහ.
