නිකවැරටිය පොලිස් වසමට අයත් කන්දේගෙදර ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය පොලිසිය සමත්විය.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 24 සහ 51 යන වයස්වල පසුවන නිකවැරටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version